Malini Ranasinghe
    previous arrow
    next arrow
    Slider

Biography

Malini Ranasinghe is a prominent artist who has acted as the first Suppa Devi of Professor Sarathchandra’s Sinhabahu drama produced in 1961. She has entered into the Guinness world record book by acting 30 years in the same role for more than 5,000 times with her late husband Terance Ranasinghe (Potheguru).
She has also released a CD of collection of songs she has sung at Sarathchandra dramas: Sinhabahu, Maname, Pematho Jayathi Soko and Vessanthara.
She has acted at a number of films and teledramas too.
Her official website is launched on her 75th birthday fallen on 19th October 2018.

Malini Ranasinghe

POPULAR ARTIST

හැදින්විම

මාලිනී රණසිංහ ශ්‍රී ලාංකීය නාට්‍ය වංශ කතාවේ ජීවමාන පුරාවෘත්තයකි (Legend). මහනුවර උසස් බාලිකාවේ හා පේරාදෙණිය සරසවියේ කීර්තිමත් නිෂ්පාදනයක් වන ඕ විද්‍යා විෂය තම උපාධියට හදාරමින් මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය නිෂ්පාදන සමග එක්වෙමින් නිළියක ලෙස ගායනයෙන් නර්තනයෙන් හා භාව ප්‍රකාශනයෙන් පෑ පෙළහරට අපූරු නිදසුන වන්නේ සිංහබාහු නාටකයේ සුප්පාදේවී ලෙස ඈ කළ විස්මිත රංගනයයි. ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍ය රංගනය මතු නොව තාත්වික රංගන සම්ප්‍රදාය ද මැනවින් වටහාගත්තී එකී රංගනය සඳහා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලබා සිටින්නීය. කේ.බී. හේරත්ගේ මායාදේවී නාට්‍යයේ දොරගම හාමිනේගේ චරිතය ඇගේ පුළුල් රංග පරාසය ප්‍රදර්ශනය කළ මොහොතක් වීය. ලොව අසිරිමත් වු ප්‍රේමය පිළිබඳ මහැදුරු සරච්චන්ද්‍රගේ අපූරු අර්ථකතනය අප හදවතට ළං කළෝ මාලිනී රණසිංහ ම වන්නාහුය. ‘අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා…’. හදවතට සමීප ආදරණීය ඇමතුම මාලිනී රණසිංහගේය.

ප්‍රවීණ කාලාකරු බුද්ධදස ගලප්පත්ති

Felicitations

Performance